iranama
අත්ලේ පැහැයෙන් හා හැඩයෙන්
හෙළිවන තොරතුරු
සමුද්‍ර සෘෂිවරයා විසින් ලොවට හඳුන්වා දුන් සාමුද්‍රික ශාස්ත්‍රය හෙවත් හස්ත රේඛා විද්‍යාව භාරත දේශයෙන් ආරම්භ වී මේ වන විට ලොව පුරාම පිළිගැනීමට ලක්ව ඇත. අත්ලක් පරීක්ෂා කිරීමේදී පුරුෂයකුගේ දකුණු අතත් ස්ත්‍රියකගේ නම් වම් අතත් පරීක්ෂා කළ යුතු බව බොහෝ දෙනකුගේ මතයයි. හස්ත සංජීවනී නම් භාරතීය ග්රන්ථයේද මේ මතයම සඳහන් වෙයි. කෙසේ වුවද බොහෝ දෙනකුගේ අදහස වන්නේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වම හා දකුණු අත දෙකම පරීක්ෂා කිරීම වැදගත් බවයි.
අතක් පරීක්ෂා කිරීමේදී පළමුවෙන්ම අපේ දෙනෙත් යොමු වන්නේ අත්ලටයි. අත්ලේ හැඩරුව වර්ණය හා විශේෂ සලකුණු අනුව අත් හිමියාගේ පලාඵල පැරණි සාමුද්‍රික විද්‍යා පොත්වල පැහැදිලිව දක්වා ඇත. එම ග්‍රන්ථවල සඳහන් පරිදි දියුණු මනසකට හා සංවේදී ජීවන චරිතයකට හිමිකම් කියන පුරුෂයන්ට හතරැස් හැඩයකින් යුත් අත්ලක් පිහිටයි. එවුන් සිතන්නේත්, කතා කරන්නේත් තර්කානුකූලවයි. නීතිඥ වෘත්තියේ යෙදී සිටින අයට බොහෝ විට මෙවැනි පිහිටීම් තිබිය හැකිය.
පැහැපත් සමකින් හා මෘදු මාංශ පේෂීන්ගෙන් සැදුන අත් හිමියා කලාකාමියෙකි. විසිතුරු දේ අගය කිරීම ඔවුන්ගේ ජීවන චරිතයේ ලක්ෂණයක් වෙයි.
කෝණාකාර හැඩයක් ගන්නා අත්ලෙන් බුද්ධිමත් පුද්ගලයෙකු හඳුනාගත හැකිය. බුද්ධි හීන පුද්ගලයාගේ සම ගොරෝසු බවක් පෙන්වයි. රේඛා දෙක තුනක් පමණක් පිහිටීමත් ශීර්ෂ රේඛාව කෙටි වීමක්ද එවැනි අත්ලක දැකිය හැකි වේ. සියුම් වැඩට දක්ෂ අයගේ අත්ල කුඩාය. මසින් පිරි වියළි ගතියෙන් යුත් පුද්ගලයා වාසනාවන්තය. දැඩි ආත්ම ශක්තියෙන් යුතුව ඕනෑම බරපතළ කාර්යයකට වුවත් අතගසන එවැනි අය එය නිම කිරීමෙන් ඉමහත් තෘප්තියක් ලබයි. දක්ෂ පාලකයන්ටද බොහෝ විට එවැනි අත්ල තල පිහිටයි. හැමවිටම දහඩිය දමන සුලු අල්ල ඇති අයද අප අතර සිටිති. රක්තපාතය, ස්නායු දුර්වලත්වය වැනි අසනීප එවැනි අයට තිබිය හැක.
ලා රෝස පාට අත් වඩාත් සුබ පල දෙන පිහිටීමකි. අල්ල කළුපාට හෝ දුඹුරු පැහැ ගැන්වීම අසූබය. දුක්බර ජීවිතයක් එමගින් පෙන්නුම් කරයි. මොලොක් ගතියෙන් යුත් මදක් රතු පැහැති පැහැදිලි අත්ලක් පිහිටන්නේ සුපින්වත් ලලනාවන්ටය. ළඳ බොළඳ සිතිවිලි හා ආචාරශීලී හැසිරීම් විලාසයක් ඇති අය සැබවින්ම කාරුණිකය. පැරැණි දේහ ලක්ෂණ විද්‍යා පොත්වල සඳහන් පරිදි රතු පැහැති හෝ තඹ පැහැති දුඹුරු රේඛා ස්ත්රීන්ගේ අත්වල පිහිටා තිබීමද ඉතාමත් සුබය. ජීවිතයේ උපරිම වින්දනය, තෘප්තිය, වින්දනය කිරීමේ වාසනාව හිමි එවැනි අය යහපත් චරිත ඇත්තියෝද වෙති. අත්ල තද කහපාටින් යුක්ත වූයේ නම් හෙතෙම පිත්තාධික ශරීරයක් ඇත්තා වූද එමෙන්ම කාමුක අශෝභන සිතිවිලිවලින් යුක්ත වූ අයෙක්ද වේ. අන්‍යයන්ගේ දියුණුව නුරුස්සන මොවුන් දියුණු වීමට කොතෙක් උත්සාහ කළත් පලක් නොවේ. අන් අයගෙන් ඈත්වී හුදෙකලාව ප්‍රිය කරන කොටසක්ද අප සමාජයේ දැකිය හැකිය. හැම විටම මොවුන් නිහඬ කල්පනා ලෝකවල සැරිසරන්නෝ වෙති. දැඩි අලසකම නිසාවෙන්ම ඔවුන් ධන හීනයන් වන්නට ඇති ඉඩකඩ වැඩිය. මෙවැනි ගති ලක්ෂණ ඇති අයගේ අත්ල සුදු පැහැයක් ගනී. වෙනත් අයුරකින් සඳහන් කිරීමේදී මෙම අත්ල සුදුමැලි ස්වභාවයකින් යුක්තය.
අත්ල කළු පැහැයෙන් යුක්ත අයෙක් නම් හේ ආත්මාර්ථකාමී අයෙක් විය යුතුය. නිතර මුසා බස්වලින් කලදවස ගෙවන හෙතෙම තම හැකියාවන් සියල්ලම අයහපතට යොදන්නෙකුද වෙයි. අත්ල රක්ත වර්ණයෙන් යුක්ත වී නම් වස්තු සම්පත් නොඅඩුව ලැබෙන්නෙක් වන අතර අත්ල නිල්වන් පැහැයෙන් යුක්ත වූයේ නම් මත්ද්‍රව්‍ය නිසා ජීවිතය මෙන්ම තම වස්තුවද විනාශ කර ගත්තෙකු වෙයි.
මසින් පිරි සමතලා ලෙස පිහිටි අත්ල හිමි අය ත්‍යාගශීලී අයෙකු බව පෙන්නුම් කරයි. අත්ල තුනීවීමද සුබ නොවේ. එවන් අත්ලක් පිහිටීමෙන් දෙමාපියන්ගෙන් ලැබෙන උරුමයක් අහිමි වන අතර අල්ල නොගැඹුරු වටකුරුව ඇත්තේ නම් එම උරුමය හිමි අයෙකු වේ. පිළිවෙළකට නොමැති අත්ල හිමි අයගේ ජීවිතය අවාසනාවන්තය.
දූපතක සලකුණක් අත්ලේ රේඛාවක් මත හෝ ග්‍රහ මණ්ඩලයක් මත සලකුණු වී ඇත්නම් අසුබය. ජීවන රේඛාව මත මෙම දූපත් සලකුණු පෙන්නුම් කරයි නම් ශරීරයේ කොතැනක හෝ ඇතිවන ආබාධයක් පෙන්නුම් කරයි. මේ අයුරින් ශීර්ෂ රේඛාවේ පිහිටියේ නම් ශීර්ෂාබාධයක් හෝ මානසික පීඩාද, හෘදය රේඛාවේ නම් හෘදය, පෙණහලු
Wmqgd .ekSu